Wednesday, July 28, 2010

නැත ලොවේ අන් රසඳුනා ...(අවසන් කොටස)


දොඹ කොල ඇල්ල ලඟ රැඳි ආදර රැල්ල
වියැකී යන මොහොත එයි අල්ලෙන් අල්ල
දිවි නහගනු බලා කොලු සමගින් කෙල්ල
දුක්බර හඬක් නැගුවා දොඹකොල ඇල්ල

අවසන් තත්පරය දිවිමග පැමිණ තිබේ
යලි මා නොදක්නෙමි ඔය සුදු මුහුණ ඔබේ
මා මිය ගියත් සිත ඔබ ලඟ නිතර තිබේ
අප පෙම් වදන් මේ අවටම රැඳී තිබේ

වස බෝතලය ජනකගෙ මුව ලඟට ගියා
‍බෝතල් බාගයක් මොහොතින් බඩට ගියා
ඉතිරිය රැගෙන මධුමාලිගෙ අතේ තියා
මරණය එන තුරා සිටියා දෑස පියා

බොන්නට හැදුව මුත් වස මේ රුවැති ලඳ
දැනුනා සැරට ඒ වස වල තිබෙන ගඳ
සිහිවුනි නැවත මව දුන් කිරි වල සුවඳ
වෙන්නට ගියෙ එකකි වුණෙ අනිකකි සබඳ

අපගේ පොඩි දුකෙත් හඬනා මුලු රෑක
හඬවා නෑ දුකක් දී මට කිසි දාක
මවු සෙනෙහේ ගෙනත් පිරවූ මුලු ගේක
කොහොමද ඉවසන්නෙ මගෙ අම්මා මේක????

උදයේ පටන් රෑ වෙන තෙක් වෙහෙසෙන්නේ
අප දිවි මගට යහපිරි ඔවදන් දෙන්නේ
කොහොමද යලිත් දරුවන් අතරට යන්නේ
පිතු සෙනෙහසට මෙහෙමද ??? මම සලකන්නේ

වසබී මියැදුනොත් අද මා මේ ලෙසට
මල්ලිගෙ ජීවිතේ යනවා අගාධෙට
අක්කා කෙනෙකු වෙත දුන් සොහොයුරු පෙමට
කොහොමද ??? මුහුණ දෙන්නේ මල්ලී ගමට

ප්‍රාණය නිරුදුවන ජනකගෙ සිරුර බලා
මුලු ගත සලිත වුණි බිය සියොලඟම වෙලා
වස බෝතලය ඇල පල්ලට විසි කරලා
දිවුවා ගෙදර යලි පිටුපසවත් නොබලා

අසරණ හදවතක සෙලැවුම නතර විය
කෙලවර වුණා එතැනින් ජනකගෙ දිවිය
සමු දුන් සැමට නොහකිව ලද පෙම දිනිය
දින තුනකින් ලැබුනි ඒ කුණු වුන මිනිය

සෑහෙන කලක් ජනකගෙ දුක් ගී රාවේ
දොඹකොල ඇල්ලෙ සිලි හඬ සමගින් පාවේ
ජනකගෙ අවතාරෙ දුටු සමහරු කීවේ
තවමත් අසයි කිම මධුමාලිට වූවේ???

අවුරුදු තුනහමාරක් ගත වෙලා ගියේ
ජනකගෙ මතක දැන් නම් අහලකට ‍නොයේ
ඉඳලා කලක් කොල්ලගෙ හොල්මනට බයේ
කෙල්ලගෙ මගුල් පෙරහර මේ දැනුයි ගියේ

(නිමි)