Pages

Wednesday, March 31, 2010

ඊයේ මාර වැඩක් නේ උනේ!!!

ඉඳගෙන උන් කෙල්ල අසුනේ මා ලඟම
ඇසුවා මගෙන් බැඳලා ද යි හදිසියෙම
බැඳලද නැද්ද නම්දන්නේ නෑ තාම
දරු දෙන්න නම් දැවටෙයි ලඟ නිතරෝම

Tuesday, March 30, 2010

ගෙදරදි නම් කියන්නේ නෑ

වෙනදා වගේ බත් මුල බැන්දා නැන්දා
පරිප්පුයි බතුයි! කනවද, අනෙ මන්දා
දත් මිටි කාගෙනම බත් එක රස වින්දා
තාමත් ඉන්නෙ නැන්දගෙ ගෙදරම හන්දා!!

Monday, March 29, 2010

කලු ගඟ කියූ කවියක්!!!1

විසිකල නිසා මව, මා තුරුලේ හොව්වා
කිරි නැති නිසා මා සතු දිය වර පෙව්වා
දුටු හැම හදේ දුක් ගින්දර ඇවිලෙව්වා
නොසිතූ ලෙස ගියා අසරණ මුව පොව්වා!

Thursday, March 25, 2010

හදිසියේ ආපු කවි සිතිවිල්ලක්!

උදයේ වැඩට එද්දී මීදුම් පින්නේ
විලිකුන් මලක් සුලගේ වැනෙමින් උන්නේ
පෙම් කවි ලියන කාලය හොදටම පැන්නේ
එනමුත් කෙලෙස මේ වග නොලියා ඉන්නේ????