Pages

Saturday, August 27, 2011

Happy Birth Day....

අටවෙනි මාසෙ විසිහත් වෙනිදට යෙදුන
මේ ලොව එළිය මුල් වර ඔබ නෙත ගැටුන
දිනයයි අපේ නැන්දම්මා හිනා ‍උන
මා වෙනුවෙන්ම ඔබ මෙලොවට තිළිණ වුන

කියුටෙක්ස් ඇඳුම් සැන් පවුඩර් වලට වඩා
මගෙ කවි ඔබට රසවත් බව නිතර දොඩා
තිබෙනා නිසා ඔබ ගැන කවි කැකුළු කඩා
අමුණමි මදක් අමතක කොට සියළු විඩා

සුව විඳ පුංචි මාලිගයේ අපට සැදූ
දරු දෙදෙනෙකුගෙ සුරතල් මා වෙතට පිදූ
අප හැම දෙනට පෙම්වත් බව නිතර බෙදූ
වේවා සුභ උපන්දිනයක් ඔබට සුදූ.......

2 comments:

  1. සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  2. හරිම ලස්සන සුභ පැතීමක්..
    අපූරුයි.හරිම අපූරුයි. දිගටම ලියන්න..
    හැංගිච්ච කවි කාරයෙක් ඉන්නවාවගේ
    මුවහත් වෙන්න බලාගේන...

    ReplyDelete