කවි පද දෙක තුනක් රහසින් අකුරු කළා
මා අග මෙහෙසි මං ගලපන අකුරු බලා
කවදාවත් නැතිව ඇයි මේ පරල වෙලා
මුල් තැන දිය යුත්තෙ තම බිරිඳට නොවෙද
කොහෙවත් ඉන්න අය ගැන මොන කවි පදද
මා ගැන කවි ලියන්නේ නැත්තේ මොකද??
ඉස්සර වගෙ නැද්ද ,ඇයි මං දැං කැතද??
ඉස්සර ඔබට කවි ලිවුවා තමයි සුදූ
මෙච්චර කාලයක් සෙනෙහස මවෙත පිදූ
කොච්චර ඇතත් කවි කොල වල ලියපු කඳූ
කප්පරකට වැඩියි සෙනෙහස ඔබට පිදූ
ලිවුවට පෙරදි කවි මා ගැන ඇති වෙන්න
හේතුව මොකද ?? මේ හැටි වෙනසක් වෙන්න
මං ගැන ලියපු කවි සේරම ඇති අන්න
දෙන්නද ??? ,කියවන්න යලි මතකෙට ගන්න
දරුවන් දෙදෙන සමගින් මම විඳල වදේ
ඉන්නේ බල බලා මයි මග ඉඳල උදේ
ආපසු ඔයත් දාගෙන කවියකට කදේ
ඔලුවට ගහල වාගෙයි දැන් තරුණ මදේ
වෙන්නේ නොමැත කිසි දිනයක පරක්කූ
බොන්නේ නොමැත සිහිනෙන් වත් අරක්කූ
ගන්නේ නොමැතිමා දෙකොනින් විලක්කූ
එන්නේ මොකද? මා වෙත මේ උලුක්කූ
වෙනදේ බලා හිටියත් දෙන දෙයක් කකා
ඕවට මටත් නගිනව නහුතයට යකා
වෙහෙසෙමි උදය සිට රෑ තෙක් බඩට නොකා
ඇයි මේ ලෙසට පෙන්නන්නේ මටත් කොකා??
වයලීනය රැගෙන තිබුනවු පසෙක ඔතා
මිදුලට ගියෙමි සැමගෙන් තනි කමක් පතා
රෑ ගී වැයුම නරකලු!!!!!, මොන පරණ කතා
තනු වෙහෙසුවා මෝහිණි ගැන වත් නොහිතා
අඩි හඬ ඇසුන වන්නට මා පිටුපසට
ගෙන දුන්නේ බියකි මාගේ හදවතට
රෑ දේවිය සුවඳ සමගින් සීතලට
මුදු දෙතොලක පහස දැනුනා නළලතට
දුක් ගී වයා ඇයි හදවත රිදවන්නේ
ඔය හිත රිදෙන වග මම කොහොමද දන්නේ
කවි පද ලියූවට මම නෑ රොස් වෙන්නේ
මේ උණු කෝපි!!, ඇල් වෙන්නට පෙර බොන්නේ
අමනාපයෙන් හද පුරවා තිබුණ රොස
වියැකී ගියා දුටු විට ඇගෙ කඳුලු ඇස
මහ වැස්සක ට පසු දිදුලන නිල් අහස
මා අභියස මැවුනි වෙනදා පුරුදු ලෙස
විහසිතට ලියනවා වගේ...පෙරඳා ලියූ ලෙස සුදූටත් කිවි ලියන්න!
ReplyDelete@රවින්
ReplyDeleteඔබ පටලැවූ මේ උර චක්කර මාලේ
තනියම ගන්න තතනයි හද පිරි ආලේ
දෙන්නට අමාරුයි මට ඒකට කාලේ
ඒකයි සිදුවෙන්නෙ මේ පටැලිලි රාලේ
රැදෙමින් නිරතුරුවම අසලින්නේ
ReplyDeleteබලමින් දුක සැප නිති විමසන්නේ
කරමින් රැකවල් වැට බදිමින්නේ
බිරිදන් ඔහොමයි සෙනෙහෙ පුදන්නේ
@විහඟ ගීතය
ReplyDeleteදරුවන්ටත් වඩා ඈ හුරතල් වෙන්නේ
ඊයේ හවස ඒකයි මට මල පැන්නේ
දුක සැප දෙකේ නෑ අසලින් හෙල්ලෙන්නේ
ඈ හරි හොඳයි!!! ඇත්තයි මේ පවසන්නේ
ස්තුතියි
පින්වත් බිරින්දැ,සමඟින් දරු රෑන
ReplyDeleteඋන්නොත් ඒකට වෙන මොන සැපතද ඕන
දැනෙතොත් හිතට හරි මදි,ඇයි දුක ගේන
කවියක් නොවේ සිංදුත් ඇයටම ලියන
@ විහඟ ගීතය
ReplyDeleteසැඟැවුන අරුත් වැටහෙන කවියක රැඳුනු
දුර්ලභ අයෙක් වෙයි ඔබ යහ සිත් පිරුණූ
විහසිත වෙත පැමිණ අද කවි පද ඇමිණූ
මේ තුති මල්ය ඔබ වෙනුවෙන් අත රැඳුනූ
කවි ලිය ලියා කවි ලිය ලියා සිටිමි මම
ReplyDeleteඔහු එනතුරා මා අත ඈති ඇගිලි ගැන
කවි නැති දා මා සිත පාලුවෙන් ඈත
ඔහු නැති දා මා මේ ලොව පලක් නැත
මම
෴වත්෴
හිටිවන නොවේ, මං හිටගෙන ලියන
ReplyDeleteකෙල්ලව උස්සපං, මට උවදෙස් දුන්න
අදහස කියමි අයියේ, එය අහගන්න
අනේ එපා, ඔබ වැටි වලේ මා වට්ටන්න
@sansarasidu
ReplyDeleteසැම දෙන යම් දිනක යම් කොක්කක ඇමිණේ
ඉන් පසු හිඳී සැමටම ඔවදන් දෙමිනේ
යුග දිවි නීරසයි කිවුවේ සමහරුනේ
පිලිගන්නට එපා එව්වා පල් බොරුනේ
@wath
ඉන්නේ වත් සොඳුරු සිත මල් දරා ගෙන
සිහිනෙන් විත් බමර පෙම් මල සොරා ගෙන
හැමදා මත් ලියන කවි ගී සැබෑ වන
කවදා වෙත් ද දින අප හට කේක් දෙන