හසිත යනු සිනහවයි. විහසිත යනු වඩාත් අලංකාරවත් වූ සිනහවයි. මෙහි ගොඩවැදුනා වූ ඔබගේ සිනහව වඩාත් ඔප් නැංවීම මාගේ ප්රාර්ථනාවයි !
Saturday, August 21, 2010
Wednesday, July 28, 2010
නැත ලොවේ අන් රසඳුනා ...(අවසන් කොටස)
දොඹ කොල ඇල්ල ලඟ රැඳි ආදර රැල්ල
වියැකී යන මොහොත එයි අල්ලෙන් අල්ල
දිවි නහගනු බලා කොලු සමගින් කෙල්ල
දුක්බර හඬක් නැගුවා දොඹකොල ඇල්ල
අවසන් තත්පරය දිවිමග පැමිණ තිබේ
යලි මා නොදක්නෙමි ඔය සුදු මුහුණ ඔබේ
මා මිය ගියත් සිත ඔබ ලඟ නිතර තිබේ
අප පෙම් වදන් මේ අවටම රැඳී තිබේ
වස බෝතලය ජනකගෙ මුව ලඟට ගියා
බෝතල් බාගයක් මොහොතින් බඩට ගියා
ඉතිරිය රැගෙන මධුමාලිගෙ අතේ තියා
මරණය එන තුරා සිටියා දෑස පියා
බොන්නට හැදුව මුත් වස මේ රුවැති ලඳ
දැනුනා සැරට ඒ වස වල තිබෙන ගඳ
සිහිවුනි නැවත මව දුන් කිරි වල සුවඳ
වෙන්නට ගියෙ එකකි වුණෙ අනිකකි සබඳ
අපගේ පොඩි දුකෙත් හඬනා මුලු රෑක
හඬවා නෑ දුකක් දී මට කිසි දාක
මවු සෙනෙහේ ගෙනත් පිරවූ මුලු ගේක
කොහොමද ඉවසන්නෙ මගෙ අම්මා මේක????
උදයේ පටන් රෑ වෙන තෙක් වෙහෙසෙන්නේ
අප දිවි මගට යහපිරි ඔවදන් දෙන්නේ
කොහොමද යලිත් දරුවන් අතරට යන්නේ
පිතු සෙනෙහසට මෙහෙමද ??? මම සලකන්නේ
වසබී මියැදුනොත් අද මා මේ ලෙසට
මල්ලිගෙ ජීවිතේ යනවා අගාධෙට
අක්කා කෙනෙකු වෙත දුන් සොහොයුරු පෙමට
කොහොමද ??? මුහුණ දෙන්නේ මල්ලී ගමට
ප්‍රාණය නිරුදුවන ජනකගෙ සිරුර බලා
මුලු ගත සලිත වුණි බිය සියොලඟම වෙලා
වස බෝතලය ඇල පල්ලට විසි කරලා
දිවුවා ගෙදර යලි පිටුපසවත් නොබලා
අසරණ හදවතක සෙලැවුම නතර විය
කෙලවර වුණා එතැනින් ජනකගෙ දිවිය
සමු දුන් සැමට නොහකිව ලද පෙම දිනිය
දින තුනකින් ලැබුනි ඒ කුණු වුන මිනිය
සෑහෙන කලක් ජනකගෙ දුක් ගී රාවේ
දොඹකොල ඇල්ලෙ සිලි හඬ සමගින් පාවේ
ජනකගෙ අවතාරෙ දුටු සමහරු කීවේ
තවමත් අසයි කිම මධුමාලිට වූවේ???
අවුරුදු තුනහමාරක් ගත වෙලා ගියේ
ජනකගෙ මතක දැන් නම් අහලකට නොයේ
ඉඳලා කලක් කොල්ලගෙ හොල්මනට බයේ
කෙල්ලගෙ මගුල් පෙරහර මේ දැනුයි ගියේ
(නිමි)
Saturday, June 26, 2010
නැත ලොවේ අන් රසඳුනා 4 කොටස
තැන තැන නිතර හොයනා වෙන පල් හෑලී
මිනිහෙක් දිනක් හමුවී රතු මුදලාලී
තම පුතු පැටලි බව සමගින් මධුමාලී
තිවුවා කණේ වැඩිපුර සමගින් කෑලී
මේ කණ වැකුණ මුදලාලිට ඩෝං ගියා
එන්නෙමි උන්ට හොඳවායින් දෙකක් කියා
අරගෙන කිසිල්ලෙන් මත්තට සරම තියා
කාරය රැගෙන මධුමාලිගෙ ගෙදර ගියා
මේ ඇහුණා නේද මධුමාලිගෙ අම්මේ
දැනගත් ගමන් මයි මේ ආවේ පිම්මේ
සෑහෙන වෙහෙසිලයි කොලු ඉහලට දැම්මේ
නැති කර ගන්න යනවලු ඌ උගෙ ජම්මේ
කොල්ලව දැලේ දාගෙන විලසින් හෙරක
ඕකව මම හැදුවෙ විලසින් නිල් මැණික
නවතා නොගත්තොත් මේ හුට පට හණික
පසුවට නොම කියනු මා මිනිහෙකි නරක
දෙන්නගෙ කැමැත්තයි පිළිගනු පුලුවන්නම්
දිවුරන පිණිස යන දේවාලෙක එන්නම්
මගදී හමු වෙලා මුං නැටුවට වන්නම්
අපි නම් දීල නෑ ඕවට උල්පන්දම්
මගෙ යාලුවෙක් ඉන්ව ගම රත්නපුරේ
අහනව පුතා ගැන විස්තර සැරින් සැරේ
පවුලේ එකම දියණිය මගේ පුතුගෙ කරේ
එල්ලන දිනය ගැන ඊයෙත් කතා කරේ
ඉන් පසු යලිත් දිවුවා තම නිවස කරා
අපි හිතුවේ දමයි කියලා කොල්ල මරා
තිවුවා දෙස් දෙවොල් විලසින් යකා ගරා
කොල්ලා හිටිය සැඟවීගෙන ලෙසින් හොරා
මහලොකු අතු දුවේ, දැන් උඹ නාඬ හිටූ
අප හට නෑ නොවෙද?? ඉගිලෙන පිණිස තටූ
ගලවා දමනු දැන් හදවත ඇනුන කටූ
එනමුත් ඈ පෙරුව කඳුලුත් සමග හොටූ
දැන් කෙලවරක් නෑ ගෙදරින් එන බාදා
මිනිහෙක් දිනක් හමුවී රතු මුදලාලී
තම පුතු පැටලි බව සමගින් මධුමාලී
තිවුවා කණේ වැඩිපුර සමගින් කෑලී
මේ කණ වැකුණ මුදලාලිට ඩෝං ගියා
එන්නෙමි උන්ට හොඳවායින් දෙකක් කියා
අරගෙන කිසිල්ලෙන් මත්තට සරම තියා
කාරය රැගෙන මධුමාලිගෙ ගෙදර ගියා
මේ ඇහුණා නේද මධුමාලිගෙ අම්මේ
දැනගත් ගමන් මයි මේ ආවේ පිම්මේ
සෑහෙන වෙහෙසිලයි කොලු ඉහලට දැම්මේ
නැති කර ගන්න යනවලු ඌ උගෙ ජම්මේ
කොල්ලව දැලේ දාගෙන විලසින් හෙරක
ඕකව මම හැදුවෙ විලසින් නිල් මැණික
නවතා නොගත්තොත් මේ හුට පට හණික
පසුවට නොම කියනු මා මිනිහෙකි නරක
දෙන්නගෙ කැමැත්තයි පිළිගනු පුලුවන්නම්
දිවුරන පිණිස යන දේවාලෙක එන්නම්
මගදී හමු වෙලා මුං නැටුවට වන්නම්
අපි නම් දීල නෑ ඕවට උල්පන්දම්
මගෙ යාලුවෙක් ඉන්ව ගම රත්නපුරේ
අහනව පුතා ගැන විස්තර සැරින් සැරේ
පවුලේ එකම දියණිය මගේ පුතුගෙ කරේ
එල්ලන දිනය ගැන ඊයෙත් කතා කරේ
ඉන් පසු යලිත් දිවුවා තම නිවස කරා
අපි හිතුවේ දමයි කියලා කොල්ල මරා
තිවුවා දෙස් දෙවොල් විලසින් යකා ගරා
කොල්ලා හිටිය සැඟවීගෙන ලෙසින් හොරා
මහලොකු අතු දුවේ, දැන් උඹ නාඬ හිටූ
අප හට නෑ නොවෙද?? ඉගිලෙන පිණිස තටූ
ගලවා දමනු දැන් හදවත ඇනුන කටූ
එනමුත් ඈ පෙරුව කඳුලුත් සමග හොටූ
දැන් කෙලවරක් නෑ ගෙදරින් එන බාදා
ලෙස්සන්නට හිතයි ඈ ගෙන ලෙස ආඳා
හැම තැන මුර දමා ඇති මුත් මග පාදා
දෙන්නා මුනගැසුන ගිය අටවක පෝදා
දෙන්නට එපා මට විරහවෙ ගිනි කන්ද
දැන් මට ඔබ නොදැක ඉන්නට පුලුවන්ද???
මගෙ මුලු හදවතම දැන් ඔබ ලඟ නේද
ඊයේ එනව කිවුවා !!! කෝ ආවාද??
නෑ සුදු මැණික මට ඇති කරදර ගොන්න
කීමට තමයි ආවේ ඔබ දැක ගන්න
ඔබ මෙන් මමත් කඳුලෙනි එය දැන ගන්න
මේකත් අරුමයකි අද ගෙදරින් පැන්න
අපෙ මවු පියන් මිල මුදලින් වෙලා මුලා
වෙන් කරනට හදයි අප පෙම් කැකුළ තලා
මගෙ පණ ගියොත් වෙන එකෙකුගෙ අඹුව වෙලා
ඉන්නේ කෙලෙස එය මගෙ නෙත් දෙකින් බලා
සෙනෙහස දිනනු බෑ එය මහ මෙරකි උස
අප වෙන් කරන්නට හැම දෙන කවයි කැස
කියලා දෙන්න මෙවුනට පාඩමක් යස
අපි දෙන්නා මැරෙමු එකවර බීල වස
අයියේ මමත් එකඟයි ඒ අදහසට
වෙන්වී ඉන්න හැකිදෝ අපි දෙන්නාට
කිසිවෙක් අමාරුවෙ මේකෙන් නොවැටෙන්ට
ලියුමක් ලියමු කවුරුත් පලි නෑ මීට
දිවි නහගන්න අන් සැම දෙය පසෙක තියා
මේ පෙම් යුවල අවසන් විසඳුමට ගියා
වස කුප්පියක් අරගෙන පපු තුරුලෙ තියා
තමනට පුරුදු හමුවන තැන වෙතට ගියා
ගමටම මහා මූසල ගතියක් ගේන
උඩුබිරුලුවේ ඇයි ඊයේ නරි රෑන
දොඹකොල ඇල්ල වෙනදා සිනහා පාන
වෙනුවට අද සෙයකි දුක් ගීයක් ගයන
(මතු සම්බන්ධයි................)
(මතු සම්බන්ධයි................)
Monday, June 21, 2010
නැත ලොවේ අන් රසඳුනා 3 කොටස
කොහෙදෝ ඉඳන් දුවගෙන විත් අතට පැන
සිහිසන් නැතිව ඉන්නා නෙත් පියා ගෙන
ආවත් රට තොටේ මේ ලෙස ඇවිද ගෙන
දැක නෑ රුවැති අඟනක් මේ වගේ වෙන
මුදු ලෙස ඇයව ගත්තා උකුලට උස්සා
නළලත රැඳුන ඩා බිඳු හෙමිහිට පිස්සා
දඟ යුග පෙනෙන දනිහෙන් ඉහලට උස්සා
සෙනෙහෙන් වසා දැමුවා සලු හරි ගස්සා
නැවතත් අපෙ ආතා අර කොල්ලව එලවා
කෙල්ලට කුමක් වුණි දැයි බැල්මක් හෙලුවා
කෙල්ලව උකුල රඳවා කවුදැයි බැලුවා
මේ අර අපේ රතු මුදලාලිගෙ කොලුවා!!!
පැන්නේ සතර කඩ ඉම, හැකියාව තියේ
යන්නේ ගමෙන් පසු දහවන කැලෑසියේ
එන්නේ තෙමසකිනි, විගහට නැවත ගියේ
ඉන්නේ කොළඹ තුම් මුල්ලේ කොලීජියේ
දෑතට තුරුලු වී යස කොල්ලෙකුගෙ නැඩ
රැකවරණයක් වී වාගෙයි පෙනෙන හැඩ
නව පෙම් පුවතකට මොකටද දමල ලෙඩ
මා දැන් යමි මටත් ඇත තව ගෙදර වැඩ
සිහි කැඳවුනා මධු මාලිගෙ ටිකෙන් ටික
හෙමිහිට විවර වුනි නිල් නෙතු පියන් දෙක
එසැනින තුරුණු නෙත් පැටලුනි එකට එක
කෙල්ලගෙ හද සැලුනි හැන්ඩ්සම් මුහුණ දැක
ඇසිපිය නොම හෙලා මා දෙස නෙතු දල්ලා
කවුදැයි බලා හිඳිනා මේ යස කොල්ලා
තුරුලේ දැනෙන උණුසුම තව තව ඉල්ලා
නුපුරුදු හැඟුම් නැග එයි හදවත සොල්ලා
දෑසින් ගලන සෙනෙහස ඉවසනු බැරිය
දෑතින් මිදෙන්නට සිදුවී ඇති සැටිය
ආයෙත් යනව නම් නැති වී මගෙ සිහිය
මේ උණුහුමේ ගුලිවී ඉන්නට හැකිය
අනඟ දෙව් පැමිණ එහි කරණමක් ගසා
මේ ජෝඩුවම හදිසියෙ මුන ගැසුන නිසා
වයසත් නිවැරදියි පෙනුමත් නොමැත දොසා
හදවත් දෙකම මල් හීයෙන් කෙරුව පසා
ඒ ලෙස පටන් ගත් පෙම් උල්පත රහසේ
මහ ජල කඳක් වී ගැලුවා ගම් පියසේ
මේ වග දන්න මුත් මධු මාලිගෙ නිවසේ
ජනක ගෙ නිවස වෙත පැවතුනි රහසක් සේ
දොඹ කොල ඇල්ල ලඟ මල් වැටි ගල් පොත්තේ
මේ පෙම් යුවල නිතරම හමු වී ඇත්තේ
ඉඳ හිට හාදු පිදෙනා දෙතොලත මත්තේ
දුටු පැණි කුරුල්ලෙක් නැටුවා උඩ අත්තේ
සිහිසන් නැතිව ඉන්නා නෙත් පියා ගෙන
ආවත් රට තොටේ මේ ලෙස ඇවිද ගෙන
දැක නෑ රුවැති අඟනක් මේ වගේ වෙන
මුදු ලෙස ඇයව ගත්තා උකුලට උස්සා
නළලත රැඳුන ඩා බිඳු හෙමිහිට පිස්සා
දඟ යුග පෙනෙන දනිහෙන් ඉහලට උස්සා
සෙනෙහෙන් වසා දැමුවා සලු හරි ගස්සා
නැවතත් අපෙ ආතා අර කොල්ලව එලවා
කෙල්ලට කුමක් වුණි දැයි බැල්මක් හෙලුවා
කෙල්ලව උකුල රඳවා කවුදැයි බැලුවා
මේ අර අපේ රතු මුදලාලිගෙ කොලුවා!!!
පැන්නේ සතර කඩ ඉම, හැකියාව තියේ
යන්නේ ගමෙන් පසු දහවන කැලෑසියේ
එන්නේ තෙමසකිනි, විගහට නැවත ගියේ
ඉන්නේ කොළඹ තුම් මුල්ලේ කොලීජියේ
දෑතට තුරුලු වී යස කොල්ලෙකුගෙ නැඩ
රැකවරණයක් වී වාගෙයි පෙනෙන හැඩ
නව පෙම් පුවතකට මොකටද දමල ලෙඩ
මා දැන් යමි මටත් ඇත තව ගෙදර වැඩ
සිහි කැඳවුනා මධු මාලිගෙ ටිකෙන් ටික
හෙමිහිට විවර වුනි නිල් නෙතු පියන් දෙක
එසැනින තුරුණු නෙත් පැටලුනි එකට එක
කෙල්ලගෙ හද සැලුනි හැන්ඩ්සම් මුහුණ දැක
ඇසිපිය නොම හෙලා මා දෙස නෙතු දල්ලා
කවුදැයි බලා හිඳිනා මේ යස කොල්ලා
තුරුලේ දැනෙන උණුසුම තව තව ඉල්ලා
නුපුරුදු හැඟුම් නැග එයි හදවත සොල්ලා
දෑසින් ගලන සෙනෙහස ඉවසනු බැරිය
දෑතින් මිදෙන්නට සිදුවී ඇති සැටිය
ආයෙත් යනව නම් නැති වී මගෙ සිහිය
මේ උණුහුමේ ගුලිවී ඉන්නට හැකිය
අනඟ දෙව් පැමිණ එහි කරණමක් ගසා
මේ ජෝඩුවම හදිසියෙ මුන ගැසුන නිසා
වයසත් නිවැරදියි පෙනුමත් නොමැත දොසා
හදවත් දෙකම මල් හීයෙන් කෙරුව පසා
ඒ ලෙස පටන් ගත් පෙම් උල්පත රහසේ
මහ ජල කඳක් වී ගැලුවා ගම් පියසේ
මේ වග දන්න මුත් මධු මාලිගෙ නිවසේ
ජනක ගෙ නිවස වෙත පැවතුනි රහසක් සේ
දොඹ කොල ඇල්ල ලඟ මල් වැටි ගල් පොත්තේ
මේ පෙම් යුවල නිතරම හමු වී ඇත්තේ
ඉඳ හිට හාදු පිදෙනා දෙතොලත මත්තේ
දුටු පැණි කුරුල්ලෙක් නැටුවා උඩ අත්තේ
(මතු සම්බන්ධයි.....................)
Sunday, May 30, 2010
නැත ලොවේ අන් රසඳුනා ... 2 කොටස
කීකරු දුවකි ඈ කෙලියේ පටන් වැලී
පාසල තුලදි විය හැම දෙන ගේ යෙහෙලී
ලස්සන බල බලා මුතුවන් දත් පේලී
දෙගුරුන් තැබු නමයි ඈ හට මධු මාලී
සැමදා උදේ පාසල වෙත පිය මැනුනා
පිය මැන යද්දි දෙපයේ තණ මල් හැපුණා
දෙපයේ හැපෙන මල් විලියෙන් කිති කැවුනා
මල් මුදු දෙපා සිඹිනට පින්කර තිබුණා
ඇගෙ ආදරය අර ගන්නට දරා වෙර
බැරි වුණ සමහරුන් හිටියා වෙලා කොර
ගැවසෙමින් අවට ගල් අහුලමින් හොර
හිටියා එකෙක් නිතරම වලියටම බර
එව්වත් මිටි පිටින් ඈ වෙත සෙනෙහෙ කොල
ඈ සැලකුවා ලෙස අලුයම පිඩක් කෙල
හොඳ හිත ඇතිව ඈ දිනනට බැරිවු කල
නරකින් දිනන්නට හැදුවා පිඹුරු කොල
දෙවටක් අසල එදැරිවි නිතරම යනෙන
ගංජා මතින් විකලවු සිහියද රැගෙන
හිටියා අරූ ඈ එන තෙක් සැඟවි ගෙන
ඇයි නොවදින්නෙ මෙවුනට වැහි නොමැති හෙණ
අඟහරුවාදා හවස බස් එක පමා වුණ
හින්දා තනිව මිතුරියො ටික මග හැරුණ
ඉදිරියෙ ඇති විපත සිතකට නොම දැනුන
පියමැන ආව පටුමග ගෙදරට වැටුන
ඉඳලා හිටල දැකලා තියෙනව මූණ
පෙර කළ මහ සෝනා යලි සිහියට ගේන
කවුදෑ මේ යකා ඇයි මග අවුරාන
හොඳ පාටක් නොමැත එන පොට නම් පේන
එනකල් බල බලා හිටියේ සුදු නංගී
කියනට ආදරේ හදවත තුල සැංගී
හැදුවත් හමු වෙන්න තුන හතරක් වංගී
ලැජ්ජා නිසයි හිටියේ අද මෙහි හැංගී
දැකලා නෑනෙ මේ වැනි කෝළමක් වෙන
මං තව පොඩි එකෙක් කිරි බෝතලෙන් බොන
අම්මා ඇති ගෙදර එන මග බලා ගෙන
කෝ! ඉඩ දෙන්න පාරක් මට නෑනෙ වෙන
සෙමින් කියා බැරිවු තැන ගන්න හිත
සැරෙන් රවා බැලුවා දෙස ඇයගෙ වත
වරෙන් මා දනිමි ගන්නට උඹගෙ හිත
වැරෙන් අල්ල ගත්තා ඇගෙ සුමුදු අත
මුදවා ගන්න දැඟලූ මුත් අත විරියෙන්
බැරි වුණි දඬු අඬුවකට සිරවුන සැටියෙන්
කවුරුත් අසල නැත අනෙ සිහි වුනි දෙවියන්
මර බිය ඇතිව කෑ ගැසුවා යටි ගිරියෙන්
අබරං ආතා ගමනේ කඩ පිලට යන
ඇසුණා විලාපය ඒ අවටින් නැගෙන
නෑ සෙන නමුත් හරියට මේ නාකි කණ
ආවා ඒ දෙසට හැරමිටියද රැගෙන
සිදුවන්නට යන විපත දුටු අබරං ආතා
අමතක වී තමන් බව වයසක ආතා
වනලා හැරමිටිය බදලා තම දෑතා
දුන්නා පොලු පාර සිහි එන්නට මෑතා
පාරේ සැර නිසා කං ගැටයට වැදුන
කැරකී විසි වුණා ඇගෙ අත අතහැරුන
පණ ගැහි ගැහී සිටියවු මේ කුරුලු දෙන
ලද අවසරෙන් දිවුවා පණ කඩා ගෙන
පසු නොබලාම දිව යද්දී හුස්ම නොදී
ඈ විසි වුණා පා යුග කලු ගලක වැදී
එනමුත් සිහි සුන්ව බිම වැටෙනට නොමදී
ඈ නැවතත් වුණා තව දෑ තකට මැදී
(මතු සම්බන්ධයි..........................)
පාසල තුලදි විය හැම දෙන ගේ යෙහෙලී
ලස්සන බල බලා මුතුවන් දත් පේලී
දෙගුරුන් තැබු නමයි ඈ හට මධු මාලී
සැමදා උදේ පාසල වෙත පිය මැනුනා
පිය මැන යද්දි දෙපයේ තණ මල් හැපුණා
දෙපයේ හැපෙන මල් විලියෙන් කිති කැවුනා
මල් මුදු දෙපා සිඹිනට පින්කර තිබුණා
ඇගෙ ආදරය අර ගන්නට දරා වෙර
බැරි වුණ සමහරුන් හිටියා වෙලා කොර
ගැවසෙමින් අවට ගල් අහුලමින් හොර
හිටියා එකෙක් නිතරම වලියටම බර
එව්වත් මිටි පිටින් ඈ වෙත සෙනෙහෙ කොල
ඈ සැලකුවා ලෙස අලුයම පිඩක් කෙල
හොඳ හිත ඇතිව ඈ දිනනට බැරිවු කල
නරකින් දිනන්නට හැදුවා පිඹුරු කොල
දෙවටක් අසල එදැරිවි නිතරම යනෙන
ගංජා මතින් විකලවු සිහියද රැගෙන
හිටියා අරූ ඈ එන තෙක් සැඟවි ගෙන
ඇයි නොවදින්නෙ මෙවුනට වැහි නොමැති හෙණ
අඟහරුවාදා හවස බස් එක පමා වුණ
හින්දා තනිව මිතුරියො ටික මග හැරුණ
ඉදිරියෙ ඇති විපත සිතකට නොම දැනුන
පියමැන ආව පටුමග ගෙදරට වැටුන
ඉඳලා හිටල දැකලා තියෙනව මූණ
පෙර කළ මහ සෝනා යලි සිහියට ගේන
කවුදෑ මේ යකා ඇයි මග අවුරාන
හොඳ පාටක් නොමැත එන පොට නම් පේන
එනකල් බල බලා හිටියේ සුදු නංගී
කියනට ආදරේ හදවත තුල සැංගී
හැදුවත් හමු වෙන්න තුන හතරක් වංගී
ලැජ්ජා නිසයි හිටියේ අද මෙහි හැංගී
දැකලා නෑනෙ මේ වැනි කෝළමක් වෙන
මං තව පොඩි එකෙක් කිරි බෝතලෙන් බොන
අම්මා ඇති ගෙදර එන මග බලා ගෙන
කෝ! ඉඩ දෙන්න පාරක් මට නෑනෙ වෙන
සෙමින් කියා බැරිවු තැන ගන්න හිත
සැරෙන් රවා බැලුවා දෙස ඇයගෙ වත
වරෙන් මා දනිමි ගන්නට උඹගෙ හිත
වැරෙන් අල්ල ගත්තා ඇගෙ සුමුදු අත
මුදවා ගන්න දැඟලූ මුත් අත විරියෙන්
බැරි වුණි දඬු අඬුවකට සිරවුන සැටියෙන්
කවුරුත් අසල නැත අනෙ සිහි වුනි දෙවියන්
මර බිය ඇතිව කෑ ගැසුවා යටි ගිරියෙන්
අබරං ආතා ගමනේ කඩ පිලට යන
ඇසුණා විලාපය ඒ අවටින් නැගෙන
නෑ සෙන නමුත් හරියට මේ නාකි කණ
ආවා ඒ දෙසට හැරමිටියද රැගෙන
සිදුවන්නට යන විපත දුටු අබරං ආතා
අමතක වී තමන් බව වයසක ආතා
වනලා හැරමිටිය බදලා තම දෑතා
දුන්නා පොලු පාර සිහි එන්නට මෑතා
පාරේ සැර නිසා කං ගැටයට වැදුන
කැරකී විසි වුණා ඇගෙ අත අතහැරුන
පණ ගැහි ගැහී සිටියවු මේ කුරුලු දෙන
ලද අවසරෙන් දිවුවා පණ කඩා ගෙන
පසු නොබලාම දිව යද්දී හුස්ම නොදී
ඈ විසි වුණා පා යුග කලු ගලක වැදී
එනමුත් සිහි සුන්ව බිම වැටෙනට නොමදී
ඈ නැවතත් වුණා තව දෑ තකට මැදී
(මතු සම්බන්ධයි..........................)
Tuesday, May 11, 2010
වැස්සට පසු අහස...........
නින්දට පෙරදි රෑ සුව අසුනකට වෙලා
කවි පද දෙක තුනක් රහසින් අකුරු කළා
මා අග මෙහෙසි මං ගලපන අකුරු බලා
කවදාවත් නැතිව ඇයි මේ පරල වෙලා
මුල් තැන දිය යුත්තෙ තම බිරිඳට නොවෙද
කොහෙවත් ඉන්න අය ගැන මොන කවි පදද
මා ගැන කවි ලියන්නේ නැත්තේ මොකද??
ඉස්සර වගෙ නැද්ද ,ඇයි මං දැං කැතද??
ඉස්සර ඔබට කවි ලිවුවා තමයි සුදූ
මෙච්චර කාලයක් සෙනෙහස මවෙත පිදූ
කොච්චර ඇතත් කවි කොල වල ලියපු කඳූ
කප්පරකට වැඩියි සෙනෙහස ඔබට පිදූ
ලිවුවට පෙරදි කවි මා ගැන ඇති වෙන්න
හේතුව මොකද ?? මේ හැටි වෙනසක් වෙන්න
මං ගැන ලියපු කවි සේරම ඇති අන්න
දෙන්නද ??? ,කියවන්න යලි මතකෙට ගන්න
දරුවන් දෙදෙන සමගින් මම විඳල වදේ
ඉන්නේ බල බලා මයි මග ඉඳල උදේ
ආපසු ඔයත් දාගෙන කවියකට කදේ
ඔලුවට ගහල වාගෙයි දැන් තරුණ මදේ
වෙන්නේ නොමැත කිසි දිනයක පරක්කූ
බොන්නේ නොමැත සිහිනෙන් වත් අරක්කූ
ගන්නේ නොමැතිමා දෙකොනින් විලක්කූ
එන්නේ මොකද? මා වෙත මේ උලුක්කූ
වෙනදේ බලා හිටියත් දෙන දෙයක් කකා
ඕවට මටත් නගිනව නහුතයට යකා
වෙහෙසෙමි උදය සිට රෑ තෙක් බඩට නොකා
ඇයි මේ ලෙසට පෙන්නන්නේ මටත් කොකා??
වයලීනය රැගෙන තිබුනවු පසෙක ඔතා
මිදුලට ගියෙමි සැමගෙන් තනි කමක් පතා
රෑ ගී වැයුම නරකලු!!!!!, මොන පරණ කතා
තනු වෙහෙසුවා මෝහිණි ගැන වත් නොහිතා
අඩි හඬ ඇසුන වන්නට මා පිටුපසට
ගෙන දුන්නේ බියකි මාගේ හදවතට
රෑ දේවිය සුවඳ සමගින් සීතලට
මුදු දෙතොලක පහස දැනුනා නළලතට
දුක් ගී වයා ඇයි හදවත රිදවන්නේ
ඔය හිත රිදෙන වග මම කොහොමද දන්නේ
කවි පද ලියූවට මම නෑ රොස් වෙන්නේ
මේ උණු කෝපි!!, ඇල් වෙන්නට පෙර බොන්නේ
අමනාපයෙන් හද පුරවා තිබුණ රොස
වියැකී ගියා දුටු විට ඇගෙ කඳුලු ඇස
මහ වැස්සක ට පසු දිදුලන නිල් අහස
මා අභියස මැවුනි වෙනදා පුරුදු ලෙස
Friday, May 7, 2010
නැත ලොවේ අන් රසඳුනා (1 කොටස)
නිහඬව තිබුන මේ ගම බලවිනි පියස
දියණිය එනිවසේ ඇදගත් සැමගෙ නෙත
නොමනා කට කතා කිසි දින අසා නැත
වරදේ දෑස නොම හරවනු මැන මවෙත
නොකියා කෙලෙස හිඳිමිද ඇගෙ රුසිරු වත
හදිසියෙ කැළඹුනා පුවතක් මත නිරස
කවියක් ලියන්නට හිටි කව කවා කැස
මා හට ලද නිමිත්තකි මෙය රසම රස
මාරුව ලැබුණ හින්දා මේ පාසලට
පොඩ්ඩක් වැඩියි බිම පර්චස් විස්සකට
හදිසියෙ හදා ගත් සුන්දර ගෙපැලකට
ආවා කුඩා පවුලක් පැල පදියමට
බාධක ගැටලු එපමණ නැත දිවි කතරේ
පුතු උගෙනියි හොඳින් හිඳ එකොලහ වසරේ
උසස් පෙල කලා විෂයන් තුන අතරේ
දියණිය ගැටෙයි පැන ගන්නට ඉම සතරේ
ගුරුවරයෙකි පියා ඇස් පාදන රටට
අම්මා හිටිය දරුවන් හා වෙලා ගෙට
සිදුවන්නට යන විපත් කරදර නොදැන හෙට
මේ අය සැමට පෙන්වූවා හිනා කට
දියණිය එනිවසේ ඇදගත් සැමගෙ නෙත
නොමනා කට කතා කිසි දින අසා නැත
වරදේ දෑස නොම හරවනු මැන මවෙත
නොකියා කෙලෙස හිඳිමිද ඇගෙ රුසිරු වත
හදිසියේ පිපී ගම් පියසම එකළු කළ
සැම නෙත් උදුර ගත්තා මේ නවමු මල
තැන තැන වැල කකා හිටි ගම කපුටු රැල
හැලුවා අලුත් වරකා ගෙඩියටත් කෙල
ඇගෙ රූසිරි විඳින්නට හිරු සඳු අහස
උන මුත් නොහැකි විය අපමණ වත් වෙහෙස
දිය දෝවන බැවින් උදයේ හා සවස
දොඹකොල ඇල්ල පමණකි ලැබුවේ පහස
සැමදා හවස දොඹකොල ඇල්ලෙන් නෑවා
නෑමට එන සැමට ඈ මදහස පෑවා
මනහර දිය කඳක රූසිරි ගෙන ආවා
වරලස දනිස් අල්ලන්නට පොර කෑවා
ලප නොමවන් සඳට දෙඅදර සමව නැත
මුහුණේ එක් පසක ඉන්නකු ගැවසි ඇත
ගෙනෙනට තැතනු මුත් ඇගෙ උවනතට කැත
ඵල දරා නොමැත ඉන්නා දරපු තැත
ලප නොමවන් සඳට දෙඅදර සමව නැත
මුහුණේ එක් පසක ඉන්නකු ගැවසි ඇත
ගෙනෙනට තැතනු මුත් ඇගෙ උවනතට කැත
ඵල දරා නොමැත ඉන්නා දරපු තැත
මග තොට තොටුපලේ හමු වූ විට දෙනෙත
පෙන්වා සිටිය මුත් ඈවෙත මිතුරු වත
ඒ ගම් පියස ළඳුනගෙ ඉරිසියා සිත
ඇත්තම කිවුවොතින් ඇති නොවුනේම නැත
(මතු සම්බන්ධයි..............)
Subscribe to:
Posts (Atom)