Pages

Monday, June 21, 2010

නැත ලොවේ අන් රසඳුනා 3 කොටස

කොහෙදෝ ඉඳන් දුවගෙන විත් අතට පැන
සිහිසන් නැතිව ඉන්නා නෙත් පියා ගෙන
ආවත් රට තොටේ මේ ලෙස ඇවිද ගෙන
දැක නෑ රුවැති අඟනක් මේ වගේ වෙන

මුදු ලෙස ඇයව ගත්තා උකුලට උස්සා
නළලත රැඳුන ඩා බිඳු හෙමිහිට පිස්සා
දඟ යුග පෙනෙන දනිහෙන් ඉහලට උස්සා
සෙනෙහෙන් වසා දැමුවා සලු හරි ගස්සා

නැවතත් අපෙ ආතා අර කොල්ලව එලවා
කෙල්ලට කුමක් වුණි දැයි බැල්මක් හෙලුවා
කෙල්ලව උකුල රඳවා කවුදැයි බැලුවා
මේ අර අපේ රතු මුදලාලිගෙ කොලුවා!!!

පැන්නේ සතර කඩ ඉම, හැකියාව තියේ
යන්නේ ගමෙන් පසු දහවන කැලෑසියේ
එන්නේ තෙමසකිනි, විගහට නැවත ගියේ
ඉන්නේ කොළඹ තුම් මුල්ලේ කොලීජියේ

දෑතට තුරුලු වී යස කොල්ලෙකුගෙ නැඩ
රැකවරණයක් වී වාගෙයි පෙනෙන හැඩ
නව පෙම් පුවතකට මොකටද දමල ලෙඩ
මා දැන් යමි මටත් ඇත තව ගෙදර වැඩ

සිහි කැඳවුනා මධු මාලිගෙ ටිකෙන් ටික
හෙමිහිට විවර වුනි නිල් නෙතු පියන් දෙක
එසැනින තුරුණු නෙත් පැටලුනි එකට එක
කෙල්ලගෙ හද සැලුනි හැන්ඩ්සම් මුහුණ දැක

ඇසිපිය නොම හෙලා මා දෙස නෙතු දල්ලා
කවුදැයි බලා හිඳිනා මේ යස කොල්ලා
තුරුලේ දැනෙන උණුසුම තව තව ඉල්ලා
නුපුරුදු හැඟුම් නැග එයි හදවත සොල්ලා

දෑසින් ගලන සෙනෙහස ඉවසනු බැරිය
දෑතින් මිදෙන්නට සිදුවී ඇති සැටිය
ආයෙත් යනව නම් නැති වී මගෙ සිහිය
මේ උණුහුමේ ගුලිවී ඉන්නට හැකිය

අනඟ දෙව් පැමිණ එහි කරණමක් ගසා
මේ ජෝඩුවම හදිසියෙ මුන ගැසුන නිසා
වයසත් නිවැරදියි පෙනුමත් නොමැත දොසා
හදවත් දෙකම මල් හීයෙන් කෙරුව පසා

ඒ ලෙස පටන් ගත් පෙම් උල්පත රහසේ
මහ ජල කඳක් වී ගැලුවා ගම් පියසේ
මේ වග දන්න මුත් මධු මාලිගෙ නිවසේ
ජනක ගෙ නිවස වෙත පැවතුනි රහසක් සේ

දොඹ කොල ඇල්ල ලඟ මල් වැටි ගල් පොත්තේ
මේ පෙම් යුවල නිතරම හමු වී ඇත්තේ
ඉඳ හිට හාදු පිදෙනා දෙතොලත මත්තේ
දුටු පැණි කුරුල්ලෙක් නැටුවා උඩ අත්තේ

(මතු සම්බන්ධයි.....................)

8 comments:

  1. woooooow . .. . . maxa machan . . .

    ReplyDelete
  2. දඹකොල ඇල්ලේ ලඟ සිදුවීමම නොවුනත්
    පෙම අත් විඳපු මතකය සුවදයි තාමත්
    එක් තැන් නොවූන මුත් මල් පීදී මුඳු සිත්
    ඒ පෙම් කතා ඇසු විහඟුන් ඇත තාමත්

    ReplyDelete
  3. @ විහඟ ගීතය
    පෙර විඳි මුදු ලඳක මුව මී බඳුන රස
    තවමත් දැනේ සිහිනෙක සුවඳක් විලස
    කිරිලියකගෙන් එන පෙම් වදනක පහස
    තවමත් නොදැනුනිද ???? විහඟුනි!!! සවණ දෙස

    (ආවට ස්තුතියි අයියා. මේ කවියට උත්තරේකුත් බලාපොරොත්තු වෙනවා)

    ReplyDelete
  4. විහඟුන් විහඟ ගී ගැයුවා නම් සත්තයි
    එපෙමින් බැඳුන හදවත් හැඩුවා ඇත්තයි
    සුපසන් ප්‍රේමයෙම අත්පොතකට ගත්තයි
    ඔබමෙන් මමත් ඒ මල් වැස්සෙම තෙත් වෙයි

    ReplyDelete
  5. @විහඟ ගීතය
    මා මෙන් ඔබත් තෙමුණලු ආදර වැස්සේ
    ඒ පෙම් පුවත් සිහි වුණි කලකට පස්සේ
    දඟලන පෙම්වතුන් අද මල් ගස් අස්සේ
    නොදනී පෙමක රස, සනහනු පමණි විසේ!!!!

    ReplyDelete
  6. @
    ආගිය ගමන් අත් අල්ලාගෙන නුඳුරේ
    රාගය සතපවා ගැනුමක් නොව මිතුරේ
    ලෝකය දියුනු වී යටිකුරු වුන අතරේ
    ප්‍රේමය වරදවා ගෙන කාමෙහි හැසිරේ

    ReplyDelete
  7. @විහඟ ගීතය
    යන විට සිදු වීම් දැක දැක මහ පාරේ
    සිරිලක තුරුණු විය ගැන හදවත පෑරේ
    දෙන්නට බැරි නමුත් අප දන්නා සාරේ
    අපෙ දරු පැටවු හෝ දක්කමු යහ පාරේ

    ReplyDelete