Pages

Saturday, April 23, 2011

ආයුබෝවන් දයාබර රැකියා ස්ථානය!!!!

තුන් වසරක්ම වැඩ කළ වෙහෙසී ජයට
මේ තැන තව මිණකි!!!! දිදුලන මිණි පුරට
යම් යම් කරුණු හින්දා පැමිණුන පෙරට
සමු ගන්නා දිනය යෙදිලා ඇත හෙටට

අයි ටී මැනේජර් පදවිය හොබවන්න
තුන් වසරකට පෙර මම ආවා ඔන්න
ඒ කාලය තුලදි වෙහෙසී උර දුන්න
මට නම් පෙනේ පඩි ටික ඉහලට පැන්න

මොනවා කළත් කවුරුන් මොනවා කීවත්
බෙර වල පලු නොමැති යයි මැසිවිලි පෑවත්
ඇස් පිට පෙනෙද්දී කළ වැඩ වල මාවත්
නොකියා නොහැක මේ දැක මගෙ කට කෑවත්

එක බත් පතේ කා එක පැදුරේ වෙසෙමින්
දුක සැප වෙහෙස එක ලෙස ඉවසා දරමින්
සොහොයුරු කැළ හිටපු මා අසලම සරමින්
සිහිවී නෙතට කඳුලක් එනු දැනුනි සෙමින්!!!

7 comments:

  1. @නදී
    ආවට ස්තුතියි නදි

    ReplyDelete
  2. මචං මේක මම කොපි කරගන්නම් මිණිපුරේ කියන ටික අයින් කරලා මගේ ගමේ නම දාලා මම අස්වෙන දාට මගේ ඔෆීස් එකේ දොරේ ගහල එන්න හිතෙනවා ... අවුලක් නෑ නේ .. මාරම දුක්බර කවිය

    ReplyDelete
  3. ඔතනින් කොතනටද යන්නේ?

    ReplyDelete
  4. @හිස් අහස
    කොමෙන්ට් එකට ස්තුතියි. කොපි කර ගත්තට කිසිම අවුල්ක් නෑ

    @Kathandara
    අළුත් තැනකට!!! විස්තර පස්සේ කවියෙන්ම කියන්නම් OK

    ReplyDelete
  5. කොහෙන් කොහෙ ගියත් හිත හොඳ මහත්තරු
    යන යන තැනදි පීදෙන මල් සිරින් සරූ
    වුන් තැන යනෙන තැන හිත නොම වෙලා දුරු
    යන එන හැම තැනම පිපියන් සිනහ ගරු

    ReplyDelete
  6. දැක්කත් සිතක රස!! තව සිතකින් සොඳුරූ
    විටකදි එළිය !! විටකදි සිත වෙයි අඳුරූ
    එනමුත් ඔ වැනි සිත්වල පොහොරින් ඉඳුරූ
    නිතරම ඵල දරයි සිනහා මල් පඳුරූ
    --ස්තුතියි වත්---

    ReplyDelete