Pages

Saturday, April 10, 2010

සත්‍ය කථාවක් ඇසුරෙන් ගොතන ලද ප්‍රබන්ධ කථාවක්

මිණිකැට සොයා පොලොවේ ගැඹුරට යෑම
සිරිතකි ඔහුගෙ උදයෙම පතලට යෑම
බැඳගෙන බත් මුලක් ලෙස දහවල් කෑම
නම ඇහුවාම කිව්වේ මම සිරිසෝම

වෙහෙසෙයි ගිහින් මිණි පතලට කහවත්තේ
මැසි මදුරැවන් ගෙන් කිසි අඩුවක් නැත්තේ
කවදා ගන්නදෝ ඉහලට මේ තත්තේ
යම් කිසි වාසියක් ඇයි තවමත් නැත්තේ?

දූවරැ දෙදෙන සමගින් මිනිහගෙ පවුල
 ගෙදරට වී ඔහේ ඇමිණුව දිවි මෙවුල
ගම් කෙලවරක වූ ඉඩමේ තනි හවුල
කටුමැටි ගෙයි විසූවයි පොල් අතු හෙවුල

තුනපහ ගොරක සමගින් දෙහි රතු ළූණූ
අරගෙන ‍එයි ගෙදර විට මුදලක් ලැබුණූ
ඉඳ හිට දාක වල් ෆැන්ටා පදම පිනූ
මිනිහව පිළිගනී මග පස කුණු කාණූ

ජීවිතෙ වසා ගෙන පාවුනු අඳුරු වලා
පහ කරනා මොහොත පැමිනුනි නැකත් බලා
 පෙර පින සෝමෙ ගේ තිබු මුල්ලකට වෙලා
ගැරුම් වට්ටියට ආවා නිලක් වෙලා

මේ නිල් මැණික ලැබුණේ පෙර පිනක් ලෙස
අඩුවට දෙන්න නොහැකිය දලමක් විලස
අවසානයේ ගැනුනේ ලංසුවක් ලෙස
පනස් එක් දාහක්ය හැත්තෑ තුන් ලක්ස

බස් වල ගියෑකිද ගෙන මුදලක් මේම
කිවුවා හැමොටම පෙර අපෙ සිරිසෝම
ගත්තා කාර් පොඩ්ඩක් නැති ගැස්සීම
ඉහලම හොටෙල් එකකිනි හැමටම කෑම
(සත්‍ය කථාවක් ඇසුරෙන් ගොතන ලද ප්‍රබන්ධ කථාවක් , ඉතිරි ‍කොටස ‍ඊලඟ දිනයට!!!!)



8 comments:

  1. කවි ටික නම් සෝක් මෙයා..ඉතිරි ටිකත් ලියන්ට...

    ReplyDelete
  2. මිනිසුන් අතර තිබෙනා මුතු අහුල ගෙන..
    කවියෙන් කියන අරුමය පද අමුණ ගෙන..
    හසිතය කියනු මැන,නුඹෙ හද තුල ගලන..
    ගංගාවක්ද සිතුවම් රස වගුර වන..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කවියෙන් කතාවක් ලියන්න ලේසි නෑ.
    උත්සාහය අගය කරනවා..හදවතින්ම.
    ලියමුකෝ ඉනිරියත්....

    ReplyDelete
  5. විහසිත ඔයාටත්...2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. ඔයාගේ සියලු, සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙන්න..කියා පතන්නම්.

    120 ට 220 ක් ආයුබෝ වේවා...

    ReplyDelete
  6. දින දින ගෙවී යයි අම්මප රැයෙන් රැයේ
    අද වන විටදි සය දිනයක් ගෙවී තියේ
    කොයි නුඹ මිතුර නොකියා ඇයි වැසී ගියේ
    කියපං ඉතිරි ටික මොකටද ඉන්නෙ බයේ

    ReplyDelete
  7. අවුරුද්දේ සතුට සුවහස් ඵල බරවී
    ඉතිරී ගියා කිරි පැණියෙන් කළ පිරවී
    කවි සිතුවිලි ගලන තැන කැවුමක් හිරවී
    තිබු හින්දා හිටිය කවි ලියනට බැරිවී

    සතුටයි සැනසුමයි හද රැඳි දයාවෙන්
    මවෙතින් ගෙතුන පදවැල් වෙත ලයාවන්
    විහසිත වෙත පැමිණ ගැවසුන හිනාවෙන්
    ලැබු නව වසර සැමටම වාසනාවන්!!!!!

    ReplyDelete
  8. පිස්සු හැදෙන කවි හැකියාවක් උඹට තියෙනවා බං . .

    නියමයි

    පට්ට . ..

    ReplyDelete