Pages

Friday, April 2, 2010

My N E S T

අට වසරකට පෙර ආදර ගඟ පීනා
කැන්දාගෙන ආපු මගෙ පෙම්බර නෝනා
මගෙ මුලු දිවිය වෙත සෙනෙහේ වැසි ගේනා
බැලු බැලු අතේ නුඹ සිනහා වත පේනා


සුරතල් සිනා හඬ ගෙයි හැම තැනම නැගේ
විටකදි වදයක්ය නිතරම කරන ද‍ඟේ
යන්නේ කන්නෙ බොන්නේ පුතු මමම වගේ
අත පය පොඩි වුවත් සවියකි සිතට මගේ

පොඩි දුව තමයි අප පවුලේ පහන් සිල
තවමත් වදන් නොනැගෙයි මොලකැටි දෙතොල
එනමුත් මතු දිනේ පිපෙනා කැකුළු මල
වදයක් වෙයිද මන්දා කම්මුලේ වල

දැන් නම් සිරි යහන උදයක විලක් වගේ
මල් දෙකකින්ම සුවඳක් අප දෙපස නැගේ
තලෙලුයි පුතා දුව නම් කිරි ගරුඬ වගේ
මානෙල් මල ලඟම නෙලුමක් පිපුන ර‍‍‍‍‍ඟේ

1 comment:

  1. බ්ලොග් අවකාශයේ සඳැස් ලියන්නන් අල්පයි...ජය වේවා... දිගටම ලියන්න...

    ReplyDelete