Pages

Tuesday, April 20, 2010

නටුවෙ කටු

ආවේ බස් රථයකිනි යන මහ නුවර බලා
කට කපලා හිටියෙ උඩරට මැණිකේලා
උනුන් දෙඩු වදන් මා සවණත වැකිලා
රෝස මල් වුවත් නටු අග කටු පිරිලා

10 comments:

  1. කටු නැති මලේ රොන් සුව ළග රැදේද
    කටු නැත්තම් මල සතුටින් සිටීද
    කටු දෙස නොවේ මල දෙස ඔබ බලන්න
    ලස්සන හැකිය එවිටදි රස විදින්න

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සුවඳැති රෝස මල් වුව නුඹ දැකල ඇති
    නටු අග විස කටුය ඇයි දැයි සිතන්නැති
    කටු ගැන නොසිත මල දැක්කොත් නුඹත් සකී
    රෝස මලට කවි වරුනා නිමක් නැති

    ReplyDelete
  4. @wath
    මල් ගැන කවි පෙලක් ලිවුවත් හනි හනිකේ
    මල් හැම, ලස්සනයි, ඒ ගැන නොමැත සැකේ
    කටු නැති මල් අවට අපමණ ඇත දුනුකේ
    කටු පිරි මල් බලනු මොන එහෙකට මැණිකේ???

    ReplyDelete
  5. නුවර නොවේ කොහි සිටියත් හැටි බලනු
    ළඳුන් රෝස මල් සමවේ කටු පිරුණු
    දැනගෙන ඉතින් සකි හොඳහැටි මේ කරුණු
    රිදවා ගන්න ඕනෑනම් මල් නෙලනු

    ReplyDelete
  6. @දිල්
    මල් දෙස බලා සිටියත් නුඹ දෑස් අයන්
    මේ වග ඇත්තමයි නංගියෙ හිතට ගනින්
    රෝස මල් වැටී මැල වෙයි පැයෙන් දෙකෙන්
    ඇන්තූරියම් මල් රුව දෙයි මාස ගනන්!!!

    ReplyDelete
  7. @ SRI MANJULA

    මාතර උපන් මම මැණිකේ නොවෙන්නෙමි
    ලස්සන නැතත් මම සුවඳින් හමන්නෙමි
    රෝස මලක් වී දිදිලී පලක් නැති
    වතුසුද්දා මලයි බුදුනට පුදනු හැකි

    කටු ඇති මලට බඔරුන් පෝලිමේය
    කටු නැති සුවඳ මල් තනියෙන් සිටීය
    සුවදැති මලේ අගයක් ලොව දනීද
    කවදා කෙලෙස හරිමඟ වුන් දකීද

    ReplyDelete
  8. නුවරය කියා වෙනසක් ඇයි ලඳුන් හට
    කොතැන උනත් කෙල්ලන් වෙයි රුවෙන් හැඩ
    රුව දෙස නොවේ එබී බලා ඇගෙ හදට
    බලන් මිතුර නොමදා හැම එක ගොඩට

    ReplyDelete
  9. @outsider
    මල් යායවල් මැද්දේ සරමින් උන්නේ
    එනමුත් කිසි මලක් නැත සුවඳක් දුන්නේ
    මැල නොවනා මලක් දැන් අසලින් ඉන්නේ
    ආයෙත් නොමැත මලකින් රිදවා ගන්නේ

    ReplyDelete
  10. කොහේ ගියත් හඳක් වගේ එලිය දෙන්නෙ ලඳුන් නොවෙද
    රුව හැඩ, ඇති නැති නොසොයා ගුන සුවඳම දකින් සබඳ

    හද තෙත ඇති ලඳුන් රුවයි කොතැන ගියත් උන් බැබලෙයි
    උඩරට මැදරට වෙනසක් නැත විස ක‍ටු කොහෙත් තිබෙයි

    ReplyDelete