Pages

Sunday, April 18, 2010

2 කොටස------

කාරය ගෙනාවත් ලස්සෙට කොඩි දාලා
පාරක් නොමැත කාරය ගන්නට හදලා
කාරය ගෙදර ගෙනියුම පසෙකින් තියලා
වීරිය කලා පාරක් ගන්නට කපලා

පාරක් ගැනීමත්පොඩි කෙළියක් නොවුනී
අබරං මාම ගේ ඉඩමෙන් නතර වුණී
පාරක් දෙන්න බෑ මාමා පරල වුණී
කොහෙදෝ තිබූ නඩු හබයක් පටලැවුණී

මේ කලබලය අතරෙදි තව වැඩක් වුණා
සෝමෙගේ හිසේ බර මොහොතින් දෙගුණ වුණා
මල් බර සමයකට සතුටින් දෑත් වනා
මිනිහගෙ පොඩි දෝණි ගෙයි මුල්ලකට වුණා

මේ ඇහුණාද බැලුවා මම නැකැත් කල්
නාවන්නට කෙල්ල වතුරෙන් පිච්ච මල්
වැඩිපුර දැඟලුවොත් නැති වෙයි වැලේ වැල්
රුපියල් අතර ගැහියෑකිද ? අලුක්කාල්

හිටියා මදෑ අනුන්ගෙ පිට කහ කහා
පෙන්නමු අපට ඇති හැකි බව වහ වහා
මේ ලැබු පිණට නොම පතුරා කට වහා
පලයං බං මගෙන් හොඳ පදයක් නාහා

(මතු සම්බන්ධයි----)

5 comments:

  1. ලියමු ලියමු ඉතුරු ටිකත් ඉක්මනටම . .

    සේකර ගේ සමහර කවි කියවනවා වගේ කියලත් හිතුනත් එක්ක . ..

    ReplyDelete
  2. කාරය වගෙද පොඩි කෙල්ලගෙ ලොකු විම
    නඩුහබ කැතයි ඊර්සියාවේ උපත
    කාරය ගන්න පෙර සෝමෙගෙ මොළ ගෙඩිය
    පාරක් ගන්න හිතුවේ නැත්තේ මොකද

    ReplyDelete
  3. අදයි දැක්කෙ... ලියන්න ඉතුරු ටිකත්.. ඉක්මනට

    ReplyDelete
  4. මට නම් දැනෙන්නෙ... කේයස් මහත්තයා ව වැහිලා වගෙ.. කියලා... ට්‍රයි එකක් දැම්මෙ නැද්ද ලොකු කවි කතාවක් ලියන්න.. මෙක තව කොච්චර දුර ඇදන් යනවද...

    ReplyDelete
  5. ඔබ සැම ලියන අදහස් දිරියක් වූවා
    විහසිත වෙත පැමිණ රස වැඩි කරවූවා
    මෙහි එන සැමගෙ තුඩ තුඩ කව් රස ගාවා
    දිරි දෙන සැමට පුද දෙන තුති මල් මේවා

    ReplyDelete