මිතුරන් රැසක් ඇතිවී ඇඟටම ඈලී
දැන් නිතරෝම ගම වට යන පෙලපාලී
ටික ටික වැඩියි මිනිහගෙ සෝබන කෑලී
ඉහලින් කර ගන්න දුව නාවන මගුල
ගමටම ගැහුව බෙර තම්මැට්ටම් දවුල
නටනා හැටි දැකල ගිනි ලා ගෙන රැවුල
උපහාසෙන් සිනා සුනි රක්වන් ගඟුල
පොඩොස්සියො කියන වැඩ ටික මග හරිතී
ගැටිස්සියෝ සුලු සුලු වැඩ ටික කරතී
ළමිස්සියෝ එක වැඩ දෙක තුන කරතී
බැරැස්සියෝ බර වැඩ සේරම කරතී
ගෙන් ගෙට ගිහින් හැම දෙනටම කියල මගුල්
හඬවන්නට යන්නෙ ගමටම රබන් සුරල්
කටගැස්මකට ගෙන්වන්නට කියල ඩෙවල්
ලොරි බාගයක් වැඩමෙව්වා නැටුං ඔයිල්
අහවර වී මගුල එක දිනයක් ගෙවුනී
වියදම සැරට ගිය බව මගෙ කණ වැකුණී
සැම දෙන ගෙදර ගිය පසු මගුලට පැමිණී
වැහැලා පෑව්වා සේ ගම නිහඬ වුණී
(මතු සම්බන්ධයි...........)
මොනවා උණත් සිරිසෝමය රජ පුතෙකි
ReplyDeleteකන්නට නැතත් බොන්නට දෙයිනම් සැපකි
ලොරි භාගයක් එක රෑකට දෙන්න හැකි
සොබ්බෙට වුණත් සිරිසෝමය නිවන් දකී
@Outsider
ReplyDeleteඋඹ කවුරු මුත් දැකලා නැති මුත් මූණ
අවවාදයකි සොහොයුරු පෙමකින් ගේන
හිස් පඹයාව නිතරම හීනෙන් පේන
එලවා දමාපන් ලෙස ආයෙත් නේන
තව ටික දුරක් දුව ලොකු වෙනකම් ඉඳලා
ReplyDeleteනැකතක් බලා හොඳ පාරක් ලඟට වෙලා
බැල්මක් දමල පැනි හට්ටිය හොඳට හලා
ට්‍රයියක් දමාපන් සෝමෙගෙ කෙල්ල බලා
සිරි ගෙ දුව වට බඹරුන් රගන රඟේ
ReplyDeleteවෙඩි උණෟඩලු කන්නට හමිබෙන්නෙ මලේ
බොන්නට දුන්නොතින් බවුසර් ගණන් එහේ
යන්නට වෙන්නේ දීගේ හිස් අතින් දුවේ
@Indi @Wath Thanks For Your Comments
ReplyDelete