මොකටද ? නැමෙන්නේ අපි කාටත් දෙකට
කල් යල් බලා හදවා ගත් නැකතකට
දැම්මා අත්තිවාරම ලොකු ගෙදරකට
දැම්මේ අත්තිවාරම නැකතට හින්දා
හිතුවා මුදල් ගලතියි! සේ වැව බින්දා
ඔලුවක් ඇතත්මොළයක් නැති මේ පෙන්දා
ගත්තා සාක්කුව තුන් කාලට හින්දා
මේ සේරම කරල ඔහු දැරුවත් දිරිය
බුද්ධිය කිසිදු මිලකට ගන්නට බැරිය
ගෙවුවම ටික කලක් මේ ලෙස දිවි සැරිය
මැණිකෙන් ලද මුදල් සේරම ඉවර විය
හැදුවත් කරන්නට දිවි දුක් ගඟ තරණ
බැරි වුණි මොළේ නැති හින්දා වැඩ කරන
වැස්සට තෙමී අවුවට වේලී දිරන
ඉන්නේ අර ගෙදර මයි තාමත් පරණ
උදයේ වැඩට යනු දැක මම සිරි සෝම
ඇහුවා අයියෙ කොහොමද සුවදුක් වහම
අපරාදේ සල්ලි වියදම් වුණෙ එහෙම
කිවුවම සිරිසෝම තෙපලූවා මෙහෙම
අයියෝ මල්ලි ඕවා නම් මොනවාද
අපි යන කළ දි මේවා ගෙන යනවාද?
හිටපු සිරි සෝම වැනි වැනි ගම් මැද්ද
මේ ටික කාලයට කළ කෙලි ටික මදිද????
ලොකු දුවගේ පොතට හැට දාහක් දැම්මා
පොඩි දුවගේ පොතට තව ගානක් දැම්මා
දඹදිව යන්න අදහස ඇති අපි දෙන්නා
දෙවියන් බුදුන් සිහිකර දනකුත් දුන්නා
සිගරැට් එකක් බොන්නට රුපියල් විස්සක්
ගත්තා මගෙන් උදයම වී ණය තුරහක්
නැටුවොත් ඕනැවට වැඩියෙන් වෙයි පරහක්
සැමටම කියමි, නෑ නොවැ මා හා තරහක්
(නිමි)
මුදලට ගිජුව පන්නා යන මනුසත්තු
ReplyDeleteපූරුවෙ පිනක් පලදී වී පොහොසත්තු
සාවුන් ළඟදි වෙන්නට යයි අලි ඇත්තු
කුමටද ලගින හදවත නෙක වල් සත්තු
සොමේ පාඩමකි අප හැම හට දුන්නේ
ReplyDeleteඅට ලෝ දහම සැබැවයි එය පවසන්නේ
දුක නම් සෝමෙ නැහැ දෝ තව අදුරන්නේ
තව පාඩමක් අරගෙන කවදද එන්නේ
මුදල් වැඩි වෙන්නේ
ReplyDeleteමොලේ නෑ ලොකු වෙන්නේ
සල්ලි නෑ තව ඉන්නේ
වියදමටමයි සෝමෙ යන්නේ.......
මට අනුව නොකා නොබී ගෙවල් වාහන....වතුපිටි කුදලහගෙන දඟලන ගොඩක් එවුන්ට වඩා සිරිසෝම උසස්.....සල්ලි ඒ මිනිහට එපාම වෙනකල් වියදම් කලා......
@outsider
ReplyDeleteඔය වැනි පිනක් දවසක ලැබුනෝතින්නේ
අපටත් ඔය ලෙසයි මල්ලියෙ සිදු වෙන්නේ
@Wath
ඊලඟ කථාවයි මේ ලියමින් ඉන්නේ
හෙට හෝ අනිද්දා පල වෙයි දැක ගන්නේ
@indi
වෙනස්ම අදහසක් .... ස්තුතියි