ඉදිරි අසුනෙ වැඩ හුන් පින්කඳ සාදූ
දැහැත් විටක් ගන්නට තම සිත සෑදූ
දැකලා රවා බැලුවා සම්මා සාදූ
ඇහැලියගොඩ ටවුම පසුවී යන කොටම
අඩ නින්දෙන්ය ඩ්‍රයිවර් හැර හැම දෙනම
පෙර පස අසුන වැඩ හිඳ හුන් එහිමි නම
ගැහුවයි කෙළ පාර වැඩි දුර නොසිතාම
ඊලඟ අසුන උන් හමුදාවේ මල්ලී
හැඳ සිටි කමිසෙ වියදම් කරලා සල්ලී
වැටිලා තිබුණි තද රතු පාටින් පුල්ලී
දැන් මොනවා කරන්නද අල්ලා ජල්ලී
සසරින් එතෙර වන්නෙකු කෙළ ගහන එක
පෙර පිනකින් ලද දෙයක් නොම වන්නට නොහැක
නොම දෙන් පුතේ යන්නට හිත වැඩි දුරක
විට කෙළ වුනත් දැන් ඕවා සාංඝික
සසරින් එතෙර වන්නෙකු කෙළ ගහන එක
පෙර පිනකින් ලද දෙයක් නොම වන්නට නොහැක
නොම දෙන් පුතේ යන්නට හිත වැඩි දුරක
විට කෙළ වුනත් දැන් ඕවා සාංඝික
කිව්වම මොකද ඔය වැඩේ මට උනා.එදා මම ඔෆීස් ඇදන් ගියේ මම ආසම සුදු පාට බ්ල්වුස් එකක්. 163 බස් එකේදි මල ඩ්‍රයිවර් කාරයා හින්දා මගෙ බ්ලවුස් එක අහකටම දාන්න උනා. බුලත් කහට.මේක කියෙව්වම මටත් ඒක මතක් උනා
ReplyDelete@දිල්
ReplyDeleteකන එක මමත් මල්ලිට වුන පරිප්පුව
වැලකුව අනේ වහලා තිබු වීදුරුව
දුටුවා නම් ඔබට කෙළ ගැහු ඩ්‍රයිවර්ව
සොලවා බිම අනිමි මම අල්ලා ඔලුව
ස්තුතියි..................
හාමුදුරුවනෙ බණ විතරද අහන්නේ
ReplyDeleteපරසර සොබාවන් නැතිවද තකන්නේ
දුOකල කාල කෝමද සිල් රකින්නේ
දැන්වත් බබල්ගම් බාවිත කරන්නේ
පුවක් බුලත් හුණු දුම්කොල යහමින්නේ
ReplyDeleteගෙන ලොබු කටේ දමමින් රස කර කන්නේ
ඉන්දි කියන දේ සැබැවයි පිළිගන්නෙ
මින් පසු දැහැත් නොපුදමි පිං අරගන්නේ
එය අත්වැරද්දකි, මම නොකියමි හරියැයි
ReplyDeleteගරු බුදු පුතෙකි,ඒ ගැන දෙවරක් හිතුවයි
පොදු බස් රථවලදි ඔයවැනි දේ බොහොමයි
ඒකත් සාදු..! කියලා යන්නට හිතුනයි
පුහ්...ඔබ දකින දේවල්.... ;)
ReplyDelete@ravin
ReplyDeleteමෙව්වා නොවේ තව එව්වත් දකිමි මම
හැම එව්වාම මෙව්වයෙ ලියමිද කොහොම?????
@ විහඟ ගීතය
ReplyDeleteසුලු සිද්ධියකි මෙය සිදු වූ අනවරත
ඇත තේරුමක් සිද්ධිය තුල අන්වර්ථ
ඔබ වැනි අය වෙතට හදවත සංවෘත
පවසමි මදක් හෝ රට වෙයි ආවර්ථ
ආරංච්ද අයියෙ ඔබ හට කවි මඩුව ගැන
ReplyDeleteවිපරම් කලොත් හැක තොරතුරු ගන්න දැන
ඔබ වැනි සූරයෙකු මම නෑ දැක්කෙ වෙන
අනිවා එන්න කවි මඩුවට නොකර පැන
එක් හිමි නමක ගෙන් සිදුවූවයි කියන
ReplyDeleteමේ සිද්දිය සමඟ පෑහෙන හෝ නොවන
බෝ දේවල් අනේ බස් වලදී විදින
කොච්චර අය වෙත්ද රටතොට සැරිසරණ
දුස්කර ගමන් යන බඩු පොදි එල්ලාන
බස් මගියෙකි මමත් කලකට පෙර බෝම
විස්තර නොකරතත් වුන කරදර සෑම
බස් වල කෙළ, වමනේ අත්විද ඇත බෝම
@අනුරාධ @විහඟ ගීතය
ReplyDeleteආරංචියි මටත් ඔය කවි මඩුව ගැන
දැම්මා ඇප්ලිකේෂන් එක උඩත් පැන
විහඟ ගීතයෙන් කවි පද ඉගෙන ගෙන
එන්නෙමි මමත් පද අමුණන අදහසින
ආවොත් අයියෙ ඔබනම් කවි මඩුව වෙත
ReplyDeleteකල එලි වෙනවා නිසැකයි සැමගේම සිත
තව අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැත
නුඹෙ කවි වලින් සැම දන සිත් පිරෙනු ඇත
දන්නා පද හතර අල්ලන කලාවේ
ReplyDeleteඉන්නා මුලම. නොම වී හුදකාලාවේ
පෙන්නා හරි වැරදි දිවි මං තලාවේ
දෙන්නා විහසිතයි ,තව ලියවුනාවේ
@අනුරාධ @විහඟ ගීතය
ReplyDeleteඉස්සර කාලෙ කෙල්ලන් හට සඳැස් ලියූ
නිකමට වගේ Blog එකකට කකුල තියූ
දිරි දෙන ඔබට නොමැකෙන සලකුණක් තියූ
Thank you අනේ Thank you Thank you Thank you
හමුවී නැතත් ඔබ මනසින් දකින්නෙමි
ReplyDeleteලියු දෑ ලියන දෑ කියවා බලන්නෙමි
සංවේදි හිතක් එතුළින් දකින්නෙමි
විහසිත,විහඟ ගීයක් වී රැදෙන්නෙමි