මිණිකැට සොයා පොලොවේ ගැඹුරට යෑම
සිරිතකි ඔහුගෙ උදයෙම පතලට යෑම
බැඳගෙන බත් මුලක් ලෙස දහවල් කෑම
නම ඇහුවාම කිව්වේ මම සිරිසෝම
වෙහෙසෙයි ගිහින් මිණි පතලට කහවත්තේ
මැසි මදුරැවන් ගෙන් කිසි අඩුවක් නැත්තේ
කවදා ගන්නදෝ ඉහලට මේ තත්තේ
යම් කිසි වාසියක් ඇයි තවමත් නැත්තේ?
දූවරැ දෙදෙන සමගින් මිනිහගෙ පවුල
ගෙදරට වී ඔහේ ඇමිණුව දිවි මෙවුල
ගම් කෙලවරක වූ ඉඩමේ තනි හවුල
කටුමැටි ගෙයි විසූවයි පොල් අතු හෙවුල
තුනපහ ගොරක සමගින් දෙහි රතු ළූණූ
අරගෙන එයි ගෙදර විට මුදලක් ලැබුණූ
ඉඳ හිට දාක වල් ෆැන්ටා පදම පිනූ
මිනිහව පිළිගනී මග පස කුණු කාණූ
ජීවිතෙ වසා ගෙන පාවුනු අඳුරු වලා
පහ කරනා මොහොත පැමිනුනි නැකත් බලා
පෙර පින සෝමෙ ගේ තිබු මුල්ලකට වෙලා
ගැරුම් වට්ටියට ආවා නිලක් වෙලා
මේ නිල් මැණික ලැබුණේ පෙර පිනක් ලෙස
අඩුවට දෙන්න නොහැකිය දලමක් විලස
අවසානයේ ගැනුනේ ලංසුවක් ලෙස
පනස් එක් දාහක්ය හැත්තෑ තුන් ලක්ස
බස් වල ගියෑකිද ගෙන මුදලක් මේම
කිවුවා හැමොටම පෙර අපෙ සිරිසෝම
ගත්තා කාර් පොඩ්ඩක් නැති ගැස්සීම
ඉහලම හොටෙල් එකකිනි හැමටම කෑම
(සත්‍ය කථාවක් ඇසුරෙන් ගොතන ලද ප්‍රබන්ධ කථාවක් , ඉතිරි කොටස ඊලඟ දිනයට!!!!)
කවි ටික නම් සෝක් මෙයා..ඉතිරි ටිකත් ලියන්ට...
ReplyDeleteමිනිසුන් අතර තිබෙනා මුතු අහුල ගෙන..
ReplyDeleteකවියෙන් කියන අරුමය පද අමුණ ගෙන..
හසිතය කියනු මැන,නුඹෙ හද තුල ගලන..
ගංගාවක්ද සිතුවම් රස වගුර වන..
This comment has been removed by the author.
ReplyDeleteකවියෙන් කතාවක් ලියන්න ලේසි නෑ.
ReplyDeleteඋත්සාහය අගය කරනවා..හදවතින්ම.
ලියමුකෝ ඉනිරියත්....
විහසිත ඔයාටත්...2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. ඔයාගේ සියලු, සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙන්න..කියා පතන්නම්.
ReplyDelete120 ට 220 ක් ආයුබෝ වේවා...
දින දින ගෙවී යයි අම්මප රැයෙන් රැයේ
ReplyDeleteඅද වන විටදි සය දිනයක් ගෙවී තියේ
කොයි නුඹ මිතුර නොකියා ඇයි වැසී ගියේ
කියපං ඉතිරි ටික මොකටද ඉන්නෙ බයේ
අවුරුද්දේ සතුට සුවහස් ඵල බරවී
ReplyDeleteඉතිරී ගියා කිරි පැණියෙන් කළ පිරවී
කවි සිතුවිලි ගලන තැන කැවුමක් හිරවී
තිබු හින්දා හිටිය කවි ලියනට බැරිවී
සතුටයි සැනසුමයි හද රැඳි දයාවෙන්
මවෙතින් ගෙතුන පදවැල් වෙත ලයාවන්
විහසිත වෙත පැමිණ ගැවසුන හිනාවෙන්
ලැබු නව වසර සැමටම වාසනාවන්!!!!!
පිස්සු හැදෙන කවි හැකියාවක් උඹට තියෙනවා බං . .
ReplyDeleteනියමයි
පට්ට . ..