දහසක් දෙනා හමු වූ වත් නොවේ සකී
බාලේ පටන් යහමග දියුණුව සැලකී
දුක සැප දෙකේ බිතු සිතුවම් සේ නොමැකී
මිතුරෙකු සිටීමත් පෙර කළ පින් කමකී
දහසක් දෙනාගේ නැණ නෙත් එළිය කොට
නොකළත් මෙහෙවරේ අඩුවක් සමාජෙට
සෙව්වත් නන් දෙසින් සමකුල විවාහෙට
තාමත් නෑ නෙ කෙල්ලෙක් මගෙ යාළුවට
මිතුරනි වෙසෙන මේ සයිබර් අවකාසේ
නොවුනත් පෙනුම හැඩ රුව ගිනි කිකිළිය සේ
මිතුරා සමග ජීවත් වන්නට පණ සේ
අඟනක් සොයා දුන්නොත් නිවනින් සැනසේ
මිතුරට මගේ අගනා පෙනුමකින් හෙබී
ඉතුරුව කරන්නේ නම් නැත නොකා නොබී
සේවය පිණිස තම ජීවය පසෙක තැබී
හිටියා ලඳක‍් පෙරදී හදවතට එබී
ගැටුනා එකට දෙන්නගෙ ඇස් දෙකේ බබා
සැලුනා දෙහද වැටුනා ඇස් හතර ප්‍රභා
දැනුනා අපට පෙන්නූ මුත් සැමට බබා
ගැලුවා මාස හතරක් ගඟ නැතිව හබා
මොන කරුමයක් දෝ මන්දා පල දුන්නේ
දැන ගත් පසුව ගෙදරින් මෙය විමසන්නේ
බැඳගත් බෙරේ ගහමුයි ඔහු පවසන්නේ
එනමුත් ඇගෙ පියා හරහට මයි උන්නේ
ඒකිට බැරිලු අප්පගෙ හිත රිදවන්න
මේකට බැරිලු මගුලක් නොමැතිව යන්න
කෝකට වත්ම බෑ හිත් දෙක ගලපන්න
ප්‍රේමෙට සමු දුන්න ! මට ඇඬෙනව මෙන්න
සේරම කතා දැන් ඉතිහාසයට ගියා
MSC එකට ඔහු පිට රටට ගියා
ආපසු ඇවිත් BLOG එක නව රසක තියා
අප හැමටම බලන්නට ලියනවා එයා
රසවත් ගඟක් වැනි BLOG එක කියවන්න
ඔහු ගේ හදේ පිවිතුරු බව දැන ගන්න
එක හැලියක් උයා ගෙන දවසක කන්න
පින් සිද්ධවෙයි කෙල්ලෙක් හොයලා දෙන්න
පවුලක් පන්සලක් වෙන්නට වු නොහැකි
ReplyDeleteබය වී වෙන්න වේයැයි ගෙදරට නාකි
සොයනා නමුත් දැන් අඟනන් නුඹේ සකී
බැන්දම දැනෙයි සැනසුම ගියබැව් වියකී
`@`` Outsider /
ReplyDelete"පවුලක්" යන්න මේ දේ යැයි කිව නොහැකී
හැමට දැනේ කසාදයක් හිරය වැනී
සුන්දර පවුල තුල තිබෙනා සතුට පිරී
ලබනට අන් තැනක් ඇතිදැයි කියනු සකී
හිතුවේ එව්ව කියලා පණිවිඩේ මල්
ReplyDeleteහැම දෙන කියන්නේ වෙන වෙන කතාවල්
මේ වැඩ වලින් කොල්ලා වෙයි තවත් පල්
අනේ දිල්!!! ඔයත් කියනා කෙහෙල් මල්!!
(විහිළුවට)
කවියෙක් වෙලා හිටියා ඇතිවාද ඔයා
ReplyDeleteකපුවෙක් වෙන්න යන්නේ පය පෙරට තියා
කැපුවත් මගේ කට මෙය අද තියමි ලියා
කපුකම් වැරදුණොත්! වෙයි කිරි පෙව්ව නයා
අගනෙය ඔබෙ සිතුවිලි කවි පද බැන්ඳු..
ReplyDeleteදැනේය පද තුලින් තනිකම හද රැන්දු...
සිනහව මුවෙ ගත සිත වත එලි කැන්දු..
හසිතව හැදින ගත්තෙමි අද හද බැන්දු...
නිවා හිත දාහෙ මොහොතක් ගෙව්වාම
ReplyDeleteමැවේ සුර ලොවක් කවි පද බැන්දාම
පොවා කර මෙහෙට කවියක් ලිවුවාම
රවා! ඔබ හටත් WELL COME කියමි මම
@ SRI MANJULA /
ReplyDeleteපණිවිඩ ලැබෙන තුරු හිඳ උඩ බලාගෙන
උන්නොත් ඉන්න වෙයි වයසත් අල්ලගෙන
මගේ කෙහෙල් මල් නොඅසා කුඩේ ගෙන
යන්න ඉතින් දැන් කෙල්ලන් සොයාගෙන :D
@දිල්
ReplyDeleteපතිවත රැකිය යුතු වේ සීතා වාගේ
පණ දෙන්න මුත් කැමතියි ජුලියට් වාගේ
එකියකි සොයන්නේ අර මිතුරා මාගේ
මෙලොවින් සෙව්වැකිද කෙල්ලන් ඒ වාගේ????
බැලුවොත් දමාගෙන කන්ණඩිය පාට
ReplyDeleteනැත මේ ලොවෙත් කෙල්ලන් ඔබ ඔය කියන
හදවත් විවර කර බැලුවොත් හෙම හොඳට
මට බුදු ෂුවර් හමුවෙයි හොද කෙනෙක් හෙට
This comment has been removed by the author.
ReplyDeleteකවි ලිය ලිය හරියනවද මෙහෙම ඉඳන්
ReplyDeleteඋස මහතයි දිග පළලයි අහල උගෙන්
වත් පොහොසත් කමත් එයට එකතු කරන්
දැම්මේ නැද්ද පත්තරේට කොනට කරන්
මේ දිනවල මාමන්ඩියි නැන්දම්මයි හරිම බිසී
ඇයි කියලා ඇහැව්වාම කිව්වේ ඈ සිනා සිසී
පොඩි දූගේ කාලෙත් දැන් ආවාහෙට නේද නිසී
කිව්වම මටත් සිහිවුනේ කාරණේ නිසී
/බිඟුවා...!
This comment has been removed by the author.
ReplyDeleteඔබ නම් අගනා මිතුරෙකි ඔබගේ මිතුරාට
ReplyDeleteහද බැදී කවියෙන් එය පෙනේ මොනවට
මෙවැනි හිතැති මිතුරන් ඇත්තම් සැමවිට
අන් අයවළුන් ඔහු හට ඔනෑ කුමකට?
ස්තූතියි කවියට. . .
@බිඟුවා
ReplyDeleteබිඟුවා උඹේ කවි පේලිය දකින විට
ඉඟියක් දැනේ මල් මල් පණිවුඩයකට
බිඟු ලන්තයේ මැස්සියො ඇත්නම් එමට
ඉන් එකියක් මෙහෙට එවුමට මැලි කුමට
ලිවුවට මගේ මිතුරා ගැන කවි පේලී
ඇත්තම තමයි සිද්ධිය නැත පල් හෑලී
විස්තර තවත් ගන්නට ගැන මනමාලී
එවපං පැටිකිරිය නොමැතිව වැඩි සෝලී